Posted on 06.10.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කල්දැමුණු මහමැතිවරණය අගෝස්තු 5වැනිදා පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව අද(10) තීරණයකර ඇත.
කොරෝනා වසංගතය හේතුවෙන් අප්‍රේල් 25 දිනට නියමිත වූ මහමැතිවරණය ජූනි 20 වැනිදාට කල්දමන ලදී. ඒහෙත් ඒදිනද මැතිවරණය පැවැත්විය හැකි තත්වයක් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශකර නැති බැවින් ඒම දිනය තුළද මැතිවරණය පැවැත්විය නොහැකි විය. මේ අනුව අද දින රැස්වූ මැතිවරණ කොමිසම විසින් අගෝස්තු 5 වැනිදා ඒය පැවැත්වීමට තීරණය කර ඇත.