Posted on 08.17.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙවර පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්ද ප්රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 1,62,63,885 දෙනකු සුදුසුකම් ලබා තිබුණද ඒයින් ඡන්දය භාවිත කර තිබෙන්නේ 1,23,43,309 දෙනකු පමණි.
මේ අනුව මෙවර මැතිවරණයේ ඡන්දය භාවිත නොකළ පිරිස 39,20,523කි.
1,23,43,309ක් ඡන්දය භාවිත කර තිබුණද එම ප්රමාණයෙන් 7,44,373ක් ප්රතික්ෂේප වී ඇත. සමස්ත ඡන්ද දායකයන්ගෙන් 75.89%ක් ඡන්දය භාවිත කළද ඉන් 4.58%ක් ප්රතික්ෂේප වී ඇත. වැඩිම ඡන්ද ප්රමාණයක් ප්රතික්ෂේප වී තිබෙන්නේ කොළඹ දිස්ත්රික්කයෙන් වන අතර එම දිස්ත්රික්කයේ ඡන්ද 81,034ක් ප්රතික්ෂේප වී ඇත. ඒ අතර හිතාමතා ඡන්ද ප්රතික්ෂේප කිරීමක්ද සිදු වී ඇති බව වාර්තා වේ.