උතුරු නැගෙනහිර යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් සැමරීමේදී එල්ටීටී සාමාජිකයන් සැමරීම වැනි නීති විරෝධී ක්‍රියාවක නිරතවන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෑම පියවරක්ම ගන්නා බව උතුරු පළාත බාර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා තිබේ. එම පොලිස් වාර්තාවලට අනුව එවැනි සැමරීම් සිදුකරන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුබද්ධ නිලධාරීන් කිලිනොච්චි, මුලතිව්, යාපනය සහ වව්නියා යන ප්‍රදේශවලට යොදවා තිබේ. එසේම එල්ටීටී සංවිධානය ප්‍රවර්ධනය කරන පුද්ගලයන් සෙවීම සඳහා බුද්ධි අංශ නිලධාරින්ද යොදවා ඇති බව පැවසේ.
පසුගිය සමයේ කොපායිහි මහවිරු සැමරුම් නවත්වන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ එම සැමරුම් සඳහා එල්ටීටී ධජ සහ ලාංචන භාවිතා නොකරන ලෙසට පමණක් යාපනය අධිකරණය නියෝග කර තිබුණි. එසේ නොමැතිව මියගිය අයවලුන් සැමරීම අධිකරණය විසින් තහනම් කර නොතිබුණි.