පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂව පිළිගන්නැයි කථානායකගෙන් ඉල්ලීමක් කරන බව දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ.
විපක්ෂ නායක ධූරයට මහින්ද රාජපක්ෂ පත්කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකමතිකව තීරණය කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 101ක් ඇතැයිද ඔහු පවසයි.
එසේම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තම සන්ධානය එජාප ආණ්ඩුවේ ඇමතිකම් ලබාගැනීමේ සූදානමක් නොමැති බවයි. ඊට අමතරව ආර් සම්බන්ධන්ද අදහස් දක්වමින් විපක්ෂ නායක ධූරය කාට ලබාදුන්නද තම සන්ධානය කිසිදු විරෝධයක් පල නොකරන බව පවසා තිබුණි.
මේ අනුව විපක්ෂ නායක ධූරය සම්බන්ධ ප්‍රශ්නය එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත යොමුවේ. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විපක්ෂ නායක ධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය නැවත මතුවේ. මහින්ද රාජපක්ෂ තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධාන හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් නොවේ. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකි. මේ අනුව මහින්දට විපක්ෂ නායක ධූරය ලබාදීම යනු පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් වේ.