Posted on 11.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගාල්ල ප්‍රදේශයේ ආගමික ස්ථාන විසින් පවත්වා ගෙන යන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රදේශවාසින්ට හිරිහැරදායක ශබ්ද දූෂණයට රෙහි පියවර ගැනීම නිසා මාධ්‍යවේදී සජීව විජේවීරට එරෙහි වෛරී ප්‍රචාරයක් සිදු වෙමින් තිබේ.
ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන ඔහු මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන්ද කටයුතු කරයි. කෙසේවෙතත් සජීව විජේවීරගේ ඡායාරූපයක් සමග ගාල්ල ප්‍රදේශයේ අලවා ඇති ද්වේශ සහගත පෝස්ටරයක වගකීම ලෙස දක්වා ඇත්තේ ‘ශාසන ලැදි ගම්වාසින්’ යන්නය.
මින් පෙර ප්‍රදේශයේ ආගමික ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍රවල අනවසර ඝෝෂාව සම්බන්ධ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මුස්ලිම් ආගමික ස්ථානවල හා බෞද්ධ විහාරස්ථානවල ප්‍රධානින් පොලිසියට කැඳවා මේ සම්බන්ධ ආරවුල නිරාකරණය කිරීමට පොලිසිය මැදිහත් විය. එහිදී පරිසර නීති වෙනස්කර ආගමික ප්රචාරයන්ට ඉඩ දිය හැකිදැයි ඇතැම් ආගමික ප්‍රධානින් පොලිසියෙන් විමසා ඇතත් පොලිසිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇති බව ද පෙන්වා දී ඇත.
සජීව විජේවීර කඨින පූජාවක් වැළැක්වීමට කටයුතු කළ බව දක්වමින් ඊයේ රාත්‍රි කිසිවකු විසින් අලවා ඇති පෝස්ටර්වල සඳහන් වේ. එසේම සජීව විජේවීර සිය ගමෙන් පන්නා දැමිය යුතු බවද එම පෝස්ටර්වල සඳහන් වේ.
“ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” වශයෙන් සජීව විජේවීර ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව මෙම ප්‍රචාරය ගෙන යන බවත් පොලිසියේදී ශබ්ද විකාශන සම්බන්ධ ඇතිකරගත් සමාකාමී එකඟතාව බිඳිමින් යම් අය විසින් මෙම ප්‍රචාර සිදුකරන බව සජීව විජේවීර සිය මුහුණු පොතේ සටහන් කර ඇත