Posted on 07.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මාධ්‍ය නිදහස වැරදි ලෙස අර්ථකථනය කරමින් රටේ නීති රාමුවට පිටින් ගොස් මාධ්‍ය මුදලාලිලාට අවශ්‍ය ලෙස තක්කඩි වැඩ කරන්න ඉඩ දිය නොහැකි බවත් එවැනක් සඳහා කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් පවතින නීති රාමුව යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවත් ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
මාධ්‍ය නිදහස හා නීතීය පටවලා නොගත යුතු බවත් කිසිවකුත් වල්බූරු නිදහසක් බලාපොරොත්තු නොවිය යුතු බවත් ඔහු පවසා තිබේ.
මහනුවරදී පෙරේදා (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.