தமிழ்
English
Contact
Sunday 11th July 2021    
මර්දනයට එරෙහිව සංවිධානාත්මක හඩක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මර්දනයට එරෙහිව සංවිධානාත්මක හඩක්!



පසුගිය දිනවල සාමකාමී ලෙස පැවැත්වූ විරෝධතා උද්ඝෝෂන ගණනාවකදී වෘත්තිය සමිති නායකයන්, දේශපාලන ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇප නියම කළ පසුව බලහත්කාරීව දණ්ඩනයට යටත් කිරීමට එරෙහිව හඬ නැගීමට මෙරට වෘත්තිය සමිති, සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් එක්ව සිටිති.

නිරෝධායන නීතිය භාවිතා කරමින් උද්ඝෝෂණ තහනම් කිරීමටත්, අධිකරණයෙන් ඇප ලබාදුන් අය නිරෝධායනය සඳහා යැයි කියමින් අයුතු ලෙස සිරගත කිරීමටත් එරෙහිව අද වාමාංශික පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන එක්ව මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
එයට පහත සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.

1. ලංකා බැංකු සේවක සංගමය
2. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
3. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
4. රක්ෂණ සේවක සංගමය
5. රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය
6. තොරතුරු හා විදුලි සංදේශ සියළු සේවක සංගමය
7. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
8. ලංකා ගුරු සංගමය
9. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
10. ඒකාබද්ධ ගුරු සේවා සංගමය
11. ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය
12. පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංගමය
13. ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
14. ලංකා ප්‍රගති ගුරු සංගමය
15. ලංකා ජාතික ගුරු සංගමය
16. ගෘහ විද්‍යා හා කෘෂි විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරු සංගමය
17. මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
18. ප්‍රොටෙක්ට් සංගමය
19. නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය
20. පෙරටුගාමී සමාජවාදී පක්ෂය
21. ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය
22. එක්සත් සමාජවාදී පක්ෂය
23. නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
24. වමේ හඬ
25. ප්‍රැක්සිස් සාමූහිකය