ලංකාවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදයේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ(Amnesty International) ගෝලීය මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මිනාර් පිම්ප්ලේ පවසයි.
ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කර තිබේ. ක්ෂමා සංවිධානයේ ගෝලීය මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා එම අදහස් දැක්වීමේදී මෙසේ ද සඳහන් කර ඇත.
“මානව හිමිකම් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයේ ගොදුරක් නොවිය යුතුයි. මේ වෙලාවේදී බලධාරීන් අයතීන්වලට සහ නිදහසට ගරු කළ යුතුයි. ඒවා ආරක්ෂා කළ යුතුයි. මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, සාමකාමී ලෙස රැස්වීමට සහ සංවිධානය වීමට ඉඩ දිය යුතුයි. සියලුම ජනමාධ්‍යවේදීන්ට කිසිදු බියකින් තොරව ඔවුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑමට ඉඩ දිය යුතුයි. වගකිව යුත්තන්ට සහ බලධාරීන්ට ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා සුබ සාධනය සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා”.