දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන ලෝක මානවහිමිකම් දිනයේදී ලංකාවේ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව ඇතුළු මානව හිමිකම් උල්ංඝනය කිරීම් සම්බන්ධ විරෝධතාවක් පැවැත්වීමට සංවිධාන කිහිපයක් එක්ව තිබේ.
හෙට(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කැදවන මෙම ඒකාබද්ධ විරෝධතාවට සම අයිතිය ව්‍යාපාරය, දේශපාලන සිරකරුවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරය සහ ජාතිවාදී ජනපදකරණයට එරෙහි ව්‍යාපාරය එක්ව තිබේ.
විරෝධතාවයේ ප්‍රධාන තේම සටන් පාඨ මෙසේය.
- දේශපාලන සිරකරුවන් නිදහස් කරනු.
- ජාතිවාදී ජනපදකරණයට එරෙහි වෙමු.
- අතුරුදන්වුවන්ට සාධාරණත්වය ඉෂ්ට කරනු.
- සියලු මර්දන නීති වහා අහෝසි කරනු.
- වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1500ක් කරනු.