ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වැනි සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබේ.
ෆේස්බුක් හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.
දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පැවති හමුවකදී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර මෙහිදී දේශපාලන පක්ෂ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාල සීමාවෙ පවා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණ කටයුතුවල නිරත වෙන බවයි.
මෙවැනි කටයුතු සඳහා බොහෝ දෙනෙක් සාමාන්‍ය ක්‍රමවේදයට පිටතින ගොස් (proxy sites) සමාජ මාධ්‍ය භාවිත කරන හෙයින් ඒ සඳහා විශේෂ තාක්ෂණික උපක්‍රමද යොදා ගැනීමට සිදුවෙන බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.