Posted on 09.25.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නෙල්සන් මැන්ඩෙලා ලබා දුන් ආදර්ශය බලය අත්හැරීම බවත් ඔහුගේ ගමන් ගත් මඟෙහි යාමට තමන් ලොව සියලූ නායකයන්ට ආරාධනා කරන බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි.
ඊයේ (24) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය. නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මඟක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව සඳහන් කළේය. නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව මෙම සාම සමුළුව සංවිධානය කර තිබුණි.
මැන්ඩෙලාගේ ආදර්ශය බලය අත්හැරීම බව කියන ජනාධිපතිවරයා විසින් 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයට පෙරාතුව ප්‍රකාශ කළේ දෙවැනි වරක් විධායක ජනාධිපතිකමට තරග නොකරන බවය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය පැලැස්තර ක්‍රමයකින් නැවත තමන් වෙත තබාගෙන 2019 ඉක්මන් ජනාධිපතිවරණයකට ඔහු සූදානම්වන බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ. ලෝක නායකයන්ට බලය අත්හැරීම පිළිබද දේශනා කරන ජනාධිපතිවරයා තමන් කරන්නේ කුමක්ද කියා 2015 සිට අද දක්වා කළ ප්‍රකාශ වලින්ම සනාථ කර ඇත.