Posted on 12.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස සහ බඩු මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිට දී පැවත්වී තිබේ. මෙම උද්ඝෝෂණයේ ප්‍රධාන තේමාවන් වූවේ ‘මිනීමරු ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වනු ! වන්දි ගෙවනු!’ සහ ‘බඩු මිල දරන්න බෑ! සහන දියව්!’ යන්නයි.
එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ ආණ්ඩුව සමාගම්වල ලාභය වෙනුවෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත බිල්ලට දී ඇති බවයි. එසේම මේ මොහොතේ ආරක්ෂාකාරීව බාවිතා කිරීමට හැකි ගෑස් සාමාන්‍ය ජනතාවට ලබාදෙන ලෙසද හානි සිදුවූ ජනතාවට වන්දි ගෙවන ලෙසද ආණ්ඩුවට බලකර සිටින බව ඇය පවසයි.