தமிழ்
English
Contact
Monday 20th September 2021    
කිරි පිටි මිල රු. 200කින් ඉහළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිරි පිටි මිල රු. 200කින් ඉහළට!



කිරිපිටි ආනයනකරුවන් විසින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සමග කළ සාච්ඡාවකින් පසු කිරිපිටි මිල රු. 200කින් ඉහළ දැමීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට ආනයනය කළ කිරිපිටි කිලෝ 1ක් රු. 945ක පවතින මිලේ සිට රු 1145ක් දක්වා මිල ඉහළ යාමට නියමිතය. සාමාන්‍ය පාරිභෝගිකයන් මිලයට ගන්නා ග්‍රෑම් 400ක පැකට්ටුවක් රු. 100කින් පමණ ඉහළ යනු ඇති බව අනුමාන කෙරේ.

මේ වන විට ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම් හා රුපියල අවප්‍රමාණවීම නිසා ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රු. 350කින් ඉහළ නැංවිය යුතු බවට ඔවුන් ඉල්ලීම් කර ඇත.

නමුත් සාකච්ඡාවේදී මිල ඉහළ නැංවීම රු. 200කට සීමා කිරීමට ඔවුන් එකඟවී ඇත. මෙම මිල ඉහළ නැංවීම ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුවෙන් අනුමත විය යුතුව ඇත.