මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට එරෙහිව පැමිණිල්ලක්

මුතුරාජවෙල සංවේදී පරිසර පද්ධතියට කසළ බැහැර කිරීමට එරෙහිව කොළඹ නාගරික කොමසාරිස් ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සදාහරිත පරිසර හා සුබසාධක සංගමය පවසයි.

කොළඹ නගරයේ දෛනිකව එකතුවන කසළ ටොන් 800ක් පමණ ප්‍රමාණයක් මෙලෙස කොළඹ මහ නගර සභාවේ නියෝගයෙන් මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් දැවැන්ත පාරිසරික ගැටළු මතුවෙමින් තිබීම හේතුවෙන් හෙට(09) දින මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ක්‍රියාකරන බව එම සංගමය කියා සිටී.

Lahiru Umayangana :