මුතුරාජවෙලට කසළ බැහැර කිරීමේ තහනම දීර්ඝ කෙරේ

කොළඹ නගර සභාව මඟින් එක් රැස් කෙරෙන කැලි කසළ මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයට බැහැර කිරීමට එරෙහිව මින් පෙර නිකුත් කර තිබු තහනම් නියෝගය නැවතත් දීර්ඝ කිරීමට අද(03) දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදි.

මුතුරාජවෙල සංරක්‍ෂිත වන භූමියක් ලෙස ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් කර තිබියදීත් එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම හරහා දැවැන්ත පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළුකාරී තත්වයක් ඇති වන බව පවසමින් ප්‍රදේශවාසීන් 37 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා බැලීමේදී මෙම තීන්දුව ගෙන තිබුණි.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙහෙයවන මෙම පෙත්සම සලකා බැලීම එළඹෙන සැත්තැම්බර් 21වන දා දක්වා කල් තබන ලදි.

 

Lahiru Umayangana :