Posted on 04.10.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල කාලය අවසන් වන්නේ 2020 ජුනි 21 වනදාට බවට මතයක් පවතින බවත් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
නීත්‍යනුකූව එම කාලය තුළ ජනාධිපතිවරයාට තම ධුරය දැරීමට හැකියාව ඇතොත් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවැත්විය හැකි බවත් ශ්‍රී දයාසිරි ජයසේකර පවසා ඇත.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගෝධනයට කථානායකවරයා අත්සන් තැබුවේ 2015 ජුනි 21 වනදා හෙයින් මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය වසර පහකට සීමා වන්නේ එදින පටන් බවට මතයක් ඇති බවද දයාසිරි මහලේකම්වරයා පවසයි.
අතීතයට බලපාන පරිදි පනත් සම්මත කිරීමට නොහැකි හෙයින් වසර පහක කාලසීමාව ආරම්භ විය යුත්තේ එදින පටන් බවද ඔහුගේ අදහස වී තිබේ.
ඒ අනුව වසර හතර හමාරකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන නිසා 2020 මාර්තු වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාවක් පවතින බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇතැමුන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිළිබඳව මහත් උනන්දුවෙන් කටයුතු කරද්දී ජනාධිපතිවරයා ඒ ගැන කිසිදු කලබලයකින් තොරව කටයුතු කරන්නේ ද මේ හේතූන් නිසා බවයි.