පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදුකිරීම නවතන ලෙස අතුරලියේ රතන හිමි ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.
ඊයේ(18) පැවති අයවැය විවාදයට එක්වෙමින් රතන හිමි පවසා ඇත්තේ ලෝකයේ කිසිදු රටක් නොකරන ආකාරයෙන් ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ලබා නොදී වෙනත් භාෂාවකින් ලබාදෙමින් සිටින බවයි.
කුඩා දරුවන්ට මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනය සඳහා ඉතා තදින් බලපාන බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතයයි. දරුවෙකුට තම මව්පියන් කතා කරන භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදිය යුතුය යන අදහස මෙහිදී අවධාරණය කෙරේ. වෙනත් භාෂා ඉගෙනගැනීම යම් වයසකට පැමිණි පසු ඇරඹිය හැක. එහෙත් අපේ රටේ දැන් දැන් වැඩි ඉල්ලුමක් පවතින්නේ සිංහල හෝ දමිළ භාෂා ගුරුවරුන්ට නොව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන්ටයි. එසේම රජයේ ප්‍රතිපාදන නොමැතිවීම යන කරුණු හේතුවෙන් අපේ රටේ මව් භාෂාවන් වන සිංහල සහ දෙමළ ඉගෙනගැනීමද අපහසු කාරණයක් වී තිබේ.