මෙක්සිකෝව හමුවේ ජර්මනිය පරාජයවේ

ඊයේ පැවැති ලොක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මනිය හා මෙක්සිකෝව අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජර්මන් කණ්ඩායම පරාජය කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත්වීය. මෙසේ මෙක්සිකෝව හමුවේ ජර්මන් කණ්ඩායම පරාජයට පත්වීම මෙවර තරගාවලියේ විශේෂම පෙරළිකාර තත්වයක් බව ක්‍රීඩා විචාරකයින්ගේ අදහසයි.

පළමු අර්ධයේදීම මෙක්සිකෝ කණ්ඩායමේ හිර්වින් චුකී එල්ල කළ ගෝල ප්‍රහාරයෙන් සිය කණ්ඩායමට ජයග්‍රහණයට ලගාවිය. ජර්මන් කණ්ඩායම මේ දක්වා සිව් වසරක් ලෝක පාපන්දු ශූරයන් ලෙස කිරුළ දරා තිබේ. මෙම තරගයෙන් මෙක්සිකෝව ජයග්‍රහණය කිරීම මෙවර රුසියාවේ පැවැති තරග අතරින් විශේෂම පෙරළිකාර ජයග්‍රණය බව වාර්තාවේ.

මේ දක්වා ජර්මන් කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අවස්ථා 11කදී තරගවැදී තිබෙන අතර ඒ අතරින් ලද එකම ජයග්‍රණය වන්නේ ඊයේ ජර්මනිය පරාජය කිරීමට හැකිවීමයි

Madanayaka :