Posted on 05.28.2019 by Sithara Sajeewani in උණුසුම් පුවත්, දේශීය පුවත් with 0 Comments
තද කොළ පැහැති තොප්පියක් පැළඳ සිටීම හේතුවෙන් ඊයේ(28) රාත්රියේදී පෙරටුගාමී සමජවාදී පක්ෂ ක්‍රියාකාරිකයෙකු කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන ආකරයට එම පක්ෂයේ සම්මන්ත්‍රණයකට අදාළව සැරසිලි කටයුතු වල නිරත වෙමින් සිටි පක්ෂ තරුණ සංගමය වන වෙනසක තාරුණ්‍ය (Youth for Chenge ) සංවිධානයේ තද කොළ පැහැති කැප් තොප්පියක් පැළඳ සිටි ක්‍රියාකාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තොප්පියද පොලිස් බාරයට ගෙන ඇත. එහිදී පොලිසිය පවසා ඇත්තේ මෙම කැප් තොප්පියේ කොළ පැහැය අයිති හමුදාවට බවයි. පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන් මැදිහත්වී අත්අඩංගුවට ගත් පක්ෂ ක්‍රියාකාරිකයා නිදහස් කරගත්තද තොප්පිය වැඩිදුර විමර්ශන සඳහා පොලිසිය බාරයේ තබා ගෙන ඇත. එය ලබාදීමට එකඟව ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයාට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමෙන් පසුවයි.
මෙම සිදුවීම් සමඟ පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් හමුදා ඇඳුම් තොග සහ කඩු පිළිබඳ පුවත්වල තවත් පැතිකඩක් පැහැදිලිවේ. එම ඇඳුම් සහ ආයුධ කුමන කරුණක් සඳහා යොදාගන්නක් ද යන්න පරීක්ෂණයකින් තහවුරු කර නොගෙන හිතුමතේ අත්අඩංගුවට ගැනීම්වල පුවත් ප්‍රචාරය කිරීම බරපතල තත්ත්වයකි. එසේම තද කොළ පැහැති යම්කිසි ඇඳුමක් හෝ පැළඳුමක් ළඟ තිබූ පමණින් හිතුමතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක්ද වේ.