මෛත්‍රිට ඕනෑම වෙලාවක ජනාධිපතිවරණයට එන්න පුලුවන් ! – දිනේෂ් ගුණවර්ධන ගෝඨා විරෝධය පළ කරයි

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න සූදානම්වන ඕනෑම අවස්ථාවක එයට සහාය දක්වන බව මහින්ද රාජපක්ෂගේ සමීපතමයකුව සිටි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඊයේ(15) ජනමාධ්‍යෙව්දින් හමුවේ අදහස් දක්වමින් මහජන එක්සත් පෙරමුණේ නායකයා මේ බව ප්‍රකාශ කර ඇත. එහෙත් මේ වනවිට ඔහ නියෝජනය කරන විපක්ෂ බලවේග ගෝඨාභය රාජපක්ෂ වෙනුවට වෙනුවෙන් පෙනී සිටී. විශේෂයෙන් පොදුජන පෙරමුණ විසින් ඉදිරිත් කරණ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂද ගෝඨාභය රාජපක්ෂද නැතිනම් වෙනත් රාජපක්ෂ කෙනකුද යන බෙදීම ඇතිව තිබේ.

මේ අතරම විමල් වීරවංශ හා උදය ගම්මන්පිළගේ යෝජනාව වූයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ් නම් කිරිමට කටයුතු  කළ යුතු බවය.  එහෙත් වාසුදේව නානායක්කාර හා දිනේශ් ගුණවර්ධන එ සම්බන්ධයෙන් ප්‍රසාදයක් දක්වා නැත.

මේ ආකාරවෙන් පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිනවරණය පිළිබද එකගතාවක් නැති නිසා පළාත් සභා මැතිවරණ ප්‍රමාදය ගැන විරෝධය අවුලුවන ලෙස විපක්ෂ ක්‍රියාකාරි නායකයන් විසින් ප්‍රකාශ කර ඇත. ඒ නිසාම ජනාධිපතිවරණයක් සම්බන්ධ විවිධ සාකච්ඡා සමග නව ව්‍යවස්ථාවක් සම්බන්ධ විරෝධයක් ඇති කිරීම ආණ්ඩුවේ අරමුණු සමග සමපාත වේ. ජනාධිපතිවරණයක් පැමිණෙන්නට පෙරාතුව විධායක ජනාධිපති ක්‍රමය පිළිබද මෙතෙක් අමතකව පැවති විරෝධතා උත්සන්න කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් සිටී.

Chandana Sirimalwatte :