මෛත්‍රීගේ ප්‍රමාදය නිසා සංහිඳියා කොමිසම පිහිටුවීම කල් යයි

සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අද (26) දෙවන වරටත් කල් දමනු ලැබීය.

යෝජනාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තවදුරටත් කල් ඉල්ලා සිටිම නිසා එය සාකච්ඡාවට ගැනීම කල් ගිය බව වාර්තා වේ.

සත්‍ය හා සංහිඳියා කොමිසමක් පත් කිරීම සඳහා වන කැබිනට් සංදේශය මීට සති දෙකකට ඉහතදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි. එහිදී ආරක්ෂක ඇමතිවරයා ලෙස මෛත්‍රීපාල සහ පාඨලී චම්පික ම යෝජනාව සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා තිබුණි.

මේ අතර එම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ද සිය නිරීක්ෂන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් කොමිෂන් පත් කිරීම නොව දැනට අත්අඩංගුවේ පසුවන ආරක්ෂක හමුදාවල සහ එල්.ටී.ටී.ඊයේ හිටපු සමාජිකයින් සියලු දෙනාට පොදු සමාවක් ලබාදිය යුතු බව ඇමතිවරයාගේ අදහස වී තිබේ. එසේම ආණ්ඩුව මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් විදේශයන්ගේ මැදිහත්වීම නවතාලිමටද පියවර ගත යුතු බව පාඨලී ඇමතිවරයා පවසයි.

Sithara Sajeewani :