මෛත්‍රීට ප්‍රතිචාර වශයෙන් මත්ද්‍රව්‍ය චෝදනා සඳහා මරණ දඬුවම හිමිවූවන්ගේ වාර්තාවක් නිකුත් කරයි

සුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තොරතුරු ඇතුලත් ලේඛන අතුරුදහන් කර ඇතැයි කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් මරණීය දණ්ඩනය නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ අනුව 2018 දෙසැම්බර් මස 31දා ,ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවෙන් අනතුරුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්යෙන් මරණ දඩුවම නියම වී ඇති 48 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවා තිබෙන අතර මෙම 48 දෙනොගෙන් 30 දෙනෙකු සිය දඩුවමට එරෙහිව මේ වන විට ඇපෑල් කර තිබෙන බව මෙහිදී තලතා අතුකෝරාල ඇමැතිවරිය කැබ්නට් මණ්ඩලයට දැනුම් දී ඇත.

එමෙන්ම, මරණ දණ්ඩනය නියම වී ඇති මත්දුව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් සදහන් කළ පසු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ඊට අදාළ නාම ලේඛනය 2018 ජූලි මස 12 දා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලද බවත්,2018 ජූලි මස 13 බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වු පුද්ගලයින් 18 දෙනෙකුගේ නාම ලේඛණයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත එවූ බවද ඇමැතිනිය කැබ්නට් මණ්ඩලයට දන්වා තිබේ.

මරණීය දණ්ඩනය නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් බන්ධනාගාරගතව සිටින විටදී එකී ක්‍රියාමාර්ග වලට අඛණ්ඩව සම්බන්ධව සිටින තැනැත්තන් සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අදාළ කැබ්නට් අනුමැතිය 2018 ජූලි මස 25 දින ලබා ගන්නා ලද බවත්,මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මරණ දඩුවම නියම වු රැදවියන්ගේ නාම ලේඛණය නීතිපතිතුමාගේ අනුමැතිය සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිෙබන බවත් තලතා අතුකෝරළ කැබ්නට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ,නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවන ලද මරණ දඩුවම නියම වු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ලගයින් 18 දෙනාගේ ලේඛනයෙන් පුද්ගලයින් දෙදෙනක් සදහා මරණ දඩුවම දිය හැකි යැයි 2018 ඔක්තෝම්බර් 02 දාඅනුමත කර එවා ඇත .

2018 ඔක්තෝම්බර් 02 වන දින මරණ දඩුවම ලබාදිම සදහා නීතිපතිතුමා විසින් අනුමත කරන ලද නාම ලේඛනය තම අනුමැතියෙන් ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් නීති ජයවික්‍රමට 2018 ඔක්තෝම්බර් 03 භාර දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයශය විසින් යවන ලද ලේඛනයෙන් තවත් එක් පුද්ගලයෙකුගේ නමක් මරණ දඩුවම දිය හැකි යැයි 2018 ඔක්තෝම්බර් 10 දින අනුමත කර එවන ලද අතර 2018 නොවැම්බර් මස 27 සහ 2018 දෙසැම්බර් මස 10 දිනයන්හිදි ජනාධිපතිතුමා හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිලධාරීන් සමග මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු නාම ලේඛණය පිළිබදව සාකච්ඡාවක් කරන ලද බවද ඇමැතිනිය කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබේ.

Sithara Sajeewani :