தமிழ்
English
Contact
Monday 6th May 2019    
"මොන මොන දේ වෙයිද කවුද දන්න‍ෙ" ජනාධිපතිවරණය ගැන මෛත්‍රි කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“මොන මොන දේ වෙයිද කවුද දන්න‍ෙ” ජනාධිපතිවරණය ගැන මෛත්‍රි කියයි!



පසුගිය සති කිහිපය තුළ පැයෙන් පැය දේශපාලන සිදුවීම් වෙනස් වූ බවද ඉදිරි වසර තුළ කුමන වෙනස්කම් වේදැයි කිසිවකුට කිව නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පුවත්පත් සාකච්ඡාවකදීය. ඉදිරි ජනාධිපතිවරණයේදී තරගකරනවාදැයි විමසූ විට ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය කැදවීමට වසරක කාලයක් තිබෙන බවය. ඒ වසර තුළ සිදුවන දේ ගැන කල් ඇතිව කිව නොහැකි බවත් ජනමාධ්‍යවේදින් ලෙස පසුගිය සති 5ක් තුළ සිදුවූ වෙනස්කම් සම්බන්ධයෙන් අවබෝධය ඇති නිසා එය කිව නොහැකි බවද ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේවෙතත් සමහරු ජනාධිපතිවරණයක් ඉල්ලා සිටින නමුත් එක් එක් අයගේ න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීමට තමන් සූදානම් නැති බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී අවධාරණය කර ඇත. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයක් කරා යායුතු බවද විධායක ක්‍රමය අහෝසි කරන්නට කටයුතු කළ යුතු බවද පවසයි. මේ වනවිට රාජපක්ෂ කණ්ඩායම හා ජ.වි.පෙ. ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී මතය විමසන්නට නම් ජනතාවට මහමැතිවරණයක් ලබා දෙන ලෙසය. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට උද්ඝෝෂනය කළ ජ.වි.පෙ. හා එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කළ අතර සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි 10 දිවුරුම් දෙමින් පැවසුවේද දෙවැනි වරටත් විධායක ජනාධිපතිධුරයට තරග නොකරන බවයි.