Posted on 12.12.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අල්ලස් හා දූෂණ වැළැක්වීමට පසුගිය වසරක් පුරා අසමත් වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම ආයතනය හමුදාවට භාරදීමෙන් විසඳුම් දෙන්න සූදානම් වේ.
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අල්ලස් ගන්නා නිලධාරින් හසුකර ගැනීම වත්මන් ආණ්ඩුවේ නොහැකියාව මනාව පෙන්වන අවස්ථාවක් බව ආයතනයේ සේවය අපේක්ෂාවෙන් පැමිණ කලකිරීමට පත්වන ජනයාගේ මැසිවිල්ලකි. අවංකව කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට උසස්වීම් ලබාදෙමින් වගකීම් බාරදීමටත් නීතිය අනුව කටයුතු කිරීමට අසමත්ව ඇති පසුබිමක යුද හමුදා නිලධාරින් එහි වගකීම්වලට පත් කිරීමට ආණ්ඩුව සැලසුම්කර ඇත.