Posted on 06.20.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදාවේ නිලධාරීන් 71 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා මෙසේ උසස්වීම් ලබා දී ඇත්තේ ජුනි මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදිය.
ඒ අනුව කර්නල් ධුරයේ කටයුතු කළ 41 දෙනෙකු බ්‍රිගේඩියර් ධුරයට උසස් කර ඇති අතර ලුතිනන් කර්නල් ධුරයේ කටයුතු කළ 30 දෙනෙකු කර්නල් ධුරයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පසුගිය මාසයක කාලය තුළ හමුදාවේ සහ ස්වෙච්ඡා සේවාවේ විවිධ නිලවල 15000කට පමණ උසස්වීම් පිරිනමා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.
පසුගිය දිනවල පොලිසියේ ජ්යෝෂ්ට පොලිස් අධිකාරිවරු 9 දෙනකුද නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට උසස්වීම් ලබා ඇත.
මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මෙසේ උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් විවේචන මතුව ඇති අතර සේවා අවශ්‍යතා අනුව උසස්වීම් ලබා දෙන බවට ඒ් ඒ් ආයතනවලින් කියනු ලබයි.