රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුවේ දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය හෙටින් අවසන් විමට නියමිතව තිබේ.
මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් එ.ජ.නි.ස. පාලනයේ වංචා දූෂණ විවේචනය කරමින් බලයට පත් වූ රනිල්-මෛත්‍රි හවුල් පාලනය යටතේ 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචාදූෂණ විමර්ශනයට මෙම ජනාධිපති විමර්ශනය ආරම්භ විය. දැනට එම කොමිසමේ වාර්තා අනුව, දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 412 ක් ලැබී ඇත. එයින් පැමිණිලි 150ක් පමණ පරික්ෂා කර ඇති අතර ඉන් 10 ක් මූලික විමර්ශන කටයුතු සඳහා කොමිසම යටතේ ඇති විශේෂ විමර්ශන පොලිස් ඒකකයට භාර දී ඇත.
කොමිසම සඳහා පැමිණිලි භාර ගැනීම හෙට(7) පස්වරු 05.00 න් අවසන් වුවද කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු ඉන් අනතුරුව දීර්ඝ වශයෙන් සිදු කෙරෙන අතර කඩිනමින් සාක්ෂි විභාගය ආරම්භ කරන බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු පවසයි.