தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
යුද හමුදාව යාපනේ සිසුන්ට 'සමාජ චාරිත්‍ර' උගන්වන වැඩමුලුවක් පවත්වයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද හමුදාව යාපනේ සිසුන්ට ‘සමාජ චාරිත්‍ර’ උගන්වන වැඩමුලුවක් පවත්වයි!



යාපනේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නූතන සමාජ චාරිත්‍ර ඉගැන්වීමට යුද හමුදාව මැදිහත්වීම සම්බන්ධයෙන් යාපනයේ තමිල් ජනතාව අතර විරෝධයක් මතුවී තිබේ.

පෙබරවාරි 24 වැනිදා පලාලි හමුදා කදවුරට යාපනයේ ගුරුවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් කැදවා නව සමාජ සිරිත්, නායකත්වය, මත්ද්‍රව්‍ය නිවාරණය හා බටහිර ඇදුම් සම්බන්ධ සිංහල බසින් වැඩමුලුවක් පවත්වා ඇත. මෙම අවස්ථාව ආරක්ෂක හමුදාව විසින් සිවිල් ජනතාවගේ කටයුතුවලට සිදුකරන මැදිහත්වීම සම්බන්ධ නිදසුනක් බව යාපනේ විද්වතුන් අදහස් දක්වා ඇත. යුද්ධය අවසන්ව දස වසරකට පසුවද යාපනයේ ජනයාට සාමාන්‍ය ජනජීවිතයක් පවත්වාගෙන යාමට බාධා කරමින් මෙවැනි කටයුතු කිරීම සම්බන්ධයෙන් යුද හමුදාවට මෙන්ම එම මැද්හත්වීම් යාපනයේ සිවිල් පරිපාලනයේ නොහැකියාව සම්බන්ධවද චෝදනා එල්ල වෙමින් පවතී.

මෙය යාපනේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් ලෙසද එම වැඩමුලුව හදුන්වා දෙමින් යුද හමුදා නිලධාරින් අදහස් පළ කර ඇත.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය  කෙරුනු බව යුද හමුදාව පවසයි.