අමාත්‍ය මණ්ඩලය පත්කර සති තුනකට පමණ කාලයක් ගතව ඇතත් මෙතෙක් සංස්ථා සභාපතිවරු සහ අධක්ෂක මණ්ඩල පත්නොකිරීමට හේතුව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අදාළ නාම ලේඛණය ජනාධිපති කාර්යාලයට එවා නොතිබීම බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ආයතන සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල නාම ලේඛණය අනුමත කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙක් ජනාධිපති කාර්යාල නිලධාරින් තුන්දෙනේකෙකුගේ යුතු කමිටුවකින් සිදුකිරීමට ජනාධිපතිවරයා මීට පෙර චක්‍ර ලේඛයක් ඉදිරිපත් කර තිබුණි.
මෙම නව කමිටුව හරහා ලබාදෙන නිර්දේශ මත නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සිදුවෙයි.
පිළිගත් උපාධියක්, වෘත්තීය සුදුසුකම් හා දීර්ඝ වෘත්තීය පලපුරුද්ද අනුව ඉදිරියට එම නිලධාරීන් පත් කිරීමට නියමිතය.
මෙම කමිටුවේ සභාපති ලෙස ජනාධිපති ලේකම්වරයා කටයුතු කරන අතර, එහි අනෙකුත් නියෝජිතයන් වූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න, අගමැතිවරයා පත්කරන නියෝජිතයන් දෙදෙනෙකු සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරන පුද්ගලයෙකි.