රත්ගම ඝාතනයට සැකපිට දකුණු පළාත් අපරාධ විමර්ශනයේ ස්ථානාධිපති අත්අඩංගුවට

දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පහර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ දින අපරාධ විමර්ශන ඒකකයට පැමිණීමෙන් අනතුරුවයි.

මේ අතර මේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (4) නියෝග කළේය.

රත්ගම රත්නඋදාගමදි පැහැරගෙන ගොස් අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේදි ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු පිළිස්සිම සඳහා වලස්මුල්ලේ කණුමුල්දෙණියේ රක්ෂිතයට ගෙන යාම සඳහා ආධාර අනුබලදී ඇත්තේ සැකකාර බිට්ටු නිලධාරි තුෂාර නලින්ද නමැත්තා විසින් බව සැකකාර කොස්තාපල්වරයා විසින් අනාවරණය කර ඇත.

Sithara Sajeewani :