Posted on 09.17.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ල නගරයට ගෙන යාමට විරෝධය පළකරමින් වතු කම්කරුවන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් දෙවැනි දිනටත් රත්නපුර නගරයේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.
රත්නපුර බණ්ඩාරනායක පාරේ පිහිටි දිස්ත්‍රික් කම්කරු කාර්යාලය දක්වා විරෝධතා පාගමනකින් පැමිණි පිරිස කම්කරු කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය ආරම්භ කර ඇත.
එසේම උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දැරීමත් සමඟ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිව තිබේ.
ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන වතු කම්කරු සංවිධානයේ ලේකම් ආර්. ඒ. රාජරත්නම් පවසා තිබේ.