Posted on 12.08.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට විශ්වාසය පළ කිරීම සදහා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ යෝජනාවක් බදාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇත.
පවතින දේශපාලන අර්බුදය අවසන් වීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පූර්ණ එකඟතාවයකින් යුතුව කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා පැවැසීය.