Posted on 01.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
2014 වසරේ දී මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළ බවට චෝදනා කොට අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ ජනවාරි 18 වන දින අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.
ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.