Posted on 08.19.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
රුසියානු ජනාධිපති පුටින් හා ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අතර හමුවක් ඊයේ බර්ලීන් නගරයේ පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙපාර්ශ්වයේ හමුවෙන් පසුව රාජ්‍ය නායකයින් දෙදෙනා සහභාගීවූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා තිබේ. එම මාධ්‍ය හමුව උතුරු බර්ලින්හි මෙසබර්ග්හි පවත්වා තිබේ.
දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවලට යුක්ක්‍රේන, සිරියානු අර්බූදයන් ගැනද ඉරාන ටෙහෙරාන් න්‍යෂ්ඨික ගිවිසුමෙන් එ.ජනපදය ඉවත්වීම සම්බන්ධයෙන් මතුව ඇති තත්වයන් පිළිබදවද සාකච්ඡාවට ලක්ව ඇති කරුණු බව විදෙස් මාධය පෙන්වා දේ.
යුරෝපා රටවලට රුසියානු ගෑස් සැපයිමේ නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගය ඉදිකිරීම් සම්බන්ධයෙන්ද විශේෂයෙන් මෙම හමුවේදී සාකච්ඡාකර ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.
විශේෂයෙන් රුසියානු ගෑස් ප්‍රවාහනය යුරෝපා රටවලට ආරක්සිකව හා අඛණ්ඩව සැපයීම සදහා යෝජිත මෙම නල මාර්ග පද්ධතිය ඉදිරිකිරීමට එරෙහි එ.ජනපදය කටයුතු කරනු ලබයි. මෑතක රුසියානු සමාගම්වලට එරෙහිව අළුතින් පනවනු ලැබූ සම්බාධකවල යටි අරමුණ වන්නේ එම සාමාගම්වලට හා එහි නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීයි.
රුසියානු ගෑස්වලින් යුරෝපා රටවල් යැපීම සම්බන්ධයෙන් එ.ජනපදයේ එකගතාවයක් නොමැත. මේසේ රුසියාවට යුරෝපා ගෑස් වෙළදපොල විවෘතවීමේ ආර්ථික වාසිය රුසියානු පාර්ශවයට බලවත් ආර්ථික හා යුරෝපයට බලපෑම් කිරීමේ අමතර හැකියාවක් ලැබේ.