Posted on 11.26.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන රුසියානු සාහිත්‍ය උළෙල නොවැම්බර් 28 දින සවස 3.30ට කොළඹ 7, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ඉවාන් තුර්ගනේව්ගේ 200 වැනි ජන්ම සංවත්සරය, මැක්සිම් ගෝර්කිගේ 150 වැනි ජන්ම සංවත්සරය, අලෙක්සැන්ඩර් සොලිසෙනිට්ෂින්ගේ ජන්ම ශත සංවත්සරය හා චිංගිස් අයිතිමාතව්ගේ 90 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් මෙම සාහිත්‍ය උළෙල කැපකරනු ලැබ තිබේ.
රුසියානු හා සෝවියට් සාහිත්‍ය ඇසුරු කරන රසික සහෘද සියලු දෙනාට සංවිධායකයන් විසින් ආරාධනා කෙරේ.