தமிழ்
English
Contact
Sunday 5th May 2019    
රුසියාවෙන් අවි ගත්තැයි චීන සමාගම්වලට සම්භාධක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියාවෙන් අවි ගත්තැයි චීන සමාගම්වලට සම්භාධක



රුසියාවෙන් අවි මිලටගැනීට එරෙහිව චීන ආරක්ෂක එ.ජනපදයෙන් ආරක්ෂක කටයුතු සම්බන්ධ රාජ්‍ය සමාගම් කිහිපයකට එරෙහිව සම්භාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේ කරනු ලැබුයේ පසුගිය දින රුසියාවෙන් සුකොයි එස්.යූ 35 වර්ගයේ ප්‍රහාරක යානා ගණනාවක් හා නවතම ගුවන් ආරක්ෂක පද්ධතියක් වන එස් 400 කාණ්ඩයට අයත් නවීන අවි මිලදී ගැනීමට චීනය කටයුතු කළ නිසාය.

මෙම නවතම සම්භාධක පැනවීම සිදුකර ඇත්තේ චීනයේ මිලිටරිමය සමාගම්වලට හා සම්බන්ධ ආයතනවලට එරෙහිවය.

නව සම්භාධක පැනවීමට එරෙහිව චීනය විසින් එ.ජනපදයට දැඩිව දොස් පවරා තිබෙන අතර වහාම එම සම්භාධක ඉවත් කරන ලෙස දන්වා ඇති බවද වාර්තාවේ.

2014 වසරේ එ.ජනපදය හා බටහිර රටවල් කිහිපයක් එක්ව රුසියාවට එරෙහිව සම්භාධක පැනවීමට කටයුතු කළහ.

එයට හේතු ලෙස දක්වනු ලැබුයේ රුසියාව විසින් ක්‍රිමියාව යුක්රේනයෙන් වෙන්කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවූ බවයි.

ඉන් පසුව එ.ජනපද ජනාධිපතිවරණයට අදාලවට රුසියාව මැදිහත්ව ඇති බවට කරනු ලැබූ චෝදනා හේතුවෙන් පසුව තවතවත් සම්භාධක පැනවීමට කටයුතු කළහ.