Posted on 04.17.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඒක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජාතිකවාදී උමතු පාලනය තවදුරටත් සනාථ කරමින් 1959 කියුබානු විප්ලවයේදී ඒක්සත් ජනපදයට අහිමි වූ දේපළ වෙනුවෙන් නඩු පැවරීම සදහා නීතිමය පදනම් සකස් කිරීමට සූදානම් වේ.
කියුබාව 1959 දක්වා පාලනය කළ ෆුල්ජන්සියෝ බැටිස්ටා ඒක්සත් ජනපද ගැති මිලිටරි ආඥාදායකයකු විය. කියුබානු විප්ලවීය සංග්‍රාමය බැටිස්ටා පාලනය පලවා හැර ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් කියුබානු ජනරජය පිහිටුවාගත්තේ 1959 ජනවාරි 1 වැනිදාය. ඒ් වනවිට ඒක්සත් ජනපදය ලතින් අමෙරිකාවේ සෙසු යටත් විජිත රාජ්‍යයන් අතුරින් වඩාත් ලාභදායක සම්පත් හා ශ්රමසූරාකෑමක යෙදී සිටියේ කියුබානු ආර්ථිකයෙනි. මේ තත්වය වෙනස් කරමින් ඒක්සත් ජනපද සමාගම් සතු දේපළ කියුබානු ජනතාවගේ පාලනයට පවරාගැනීම නව රජය විසින් සිදුකරන ලදී. විශේෂයෙන් කියුබාවේ ක්‍රියාත්මක වූ United Fruit Company සහ බැංතු, පෙට්රේා්ලියම් සමාගම් රජයට පවරා ගන්නට කස්ත්‍රෝ පාලනය කටයුතු කරණ ලදී.
ට්‍රම්ප් පාලනය විසින් නව නීති ගෙන ඒන්නට සූදානම් වන්නේ ඒසේ පවරාගන්නා සමාගම්වල හා දේපළවල අලාභය අයකරගැනීමට කියුබානු රජයට ඒරෙහිව නඩු පැනවීම සදහාය. ඒපමණක් නොව, ඒසේ අත්පත් කරගත් දේපල පසුව කියුබාවේ රජය විසින් විවිධ ආයෝජන සමාලම්වලට පවරමින් කියුබාවට ආර්ථික ප්‍රයෝජන ගන්නට කටයුතු කළ නිසා ඒවැනි වෙනත් සමාගම්වලට ඒරෙහිවද නඩුපවරන්නට ඒක්සත් ජනපදය කටයුතු කරමින් සිටී. මෙය ඒක්සත් ජනපද සම්බාධක නිසා දුර්වල අඩියට පත්ව ඇති කියුබාව තවදුරටත් දුර්වල කරන්නට ට්‍රම්ප් පාලනය ගන්නා උත්සාහයක් ලෙස විශ්ලේෂකයන් විසින් හදුන්වා දී ඇත.