Posted on 03.06.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
සීතල යුද සමයේ න්‍යෂ්ටික අවි තරගය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින් අමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය විසින් අත්සන් කළ අවිහරණ ගිවිසුමෙන් ඉවත්වීමට රුසියාව තීරණය කර ඇත.
දෙවැනි ලෝක යුද්ධය අවසන්වීමත් සමග සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතියක් ලෝකය පුරා ව්‍යාප්තවන්නට වූ අතර 1960 දසකයේ සන්නද්ධ අරගල වර්ධනය වී කියුබාව, වියට්නාමය වැනි සමාජවාදී රාජ්‍යයන් ඊට එක් විය. මේ තත්වය තර්ජනයක් ලෙස හදුනාගත් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදී කදවුර ඊට ප්‍රතිරෝධී ක්‍රියාමාර්ග සැලසුම් කළේය. එහි ප්‍රතිපලයක් ලෙස අවි තරගයක් වර්ධනය වූ අතර ඇතැම් අවස්ථාවල මිසයිල භාවිත කරන යුද්ධයක් ඇති වීමේ අනතුර පවා ඇති විය. නිරවිකරණය සම්බන්ධව එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයේ විශාල සංවාදයක් ඇති කරමින් අවිපාලන සාකච්ඡා ආරම්භ විය. වසර ගණනාවක් ඇදී ගිය සෝවියට්-අමෙරිකා නිරවිකරණ සාකච්ඡා ගණනාවක් සහ වෙනත් රටවලද රාජ්‍ය නායකයන්ගේ කැපවීමෙන් යුතු මැදිහත්වීම නිසා 1987 න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමක් එක්සත් ජනපදය හා සෝවියට් දේශය විසින් අත්සන් කරණ ලදී. 1989 සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව පිහිටුවන ලද රැසියානු සමූහාණ්ඩුව නිරවිකරණ ගිවිසුම ආරක්ෂා කළ අතර එහෙත් එක්සත් ජනපදය හා රුසියාව න්‍යෂ්ටික අවි පර්යේෂණ නැවත පටන්ගත් බවට චෝදනා එල්ල විය.
පසුගියදා එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් රුසියාවට චෝදනා කරනු ලැබුවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරමින් සිටින බවටය. ප්‍රතිචාර ලෙස රුසියානු ජනාධිපති පුටින්ද එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි පර්යේෂන කරමින් අවි තරගයකට අතවනන බව පවසා තිබිණි. මේ තත්වය යටතේ රුසියාව න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමෙන් ඉවත්වන බව එරට ජනාධිපති පුටින් පවසා ඇත.