රෝග වැළදුණු කිරි දෙනුන් ගෙන්වීමට කෝටි 175ක්

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද කිරි දෙනුන්ට වෛරස් රෝග දෙකක් වැළදී ඇති බව තහවුරුව තිබියදී නැවතත් එම සමාගමෙන් කිරි දෙනුන් ගෙන්වීමට රුපියල් කෝටි 175ක් මුදලක් ගෙවා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

බ්‍රිතාන්‍යයේ පර්යේෂණ ආයතනයක් විසින් මෙරටට ආනයනය කළ දෙනුන්ගේ මළ මුත්‍ර නිදර්ශක ඇසුරින් කරන ලද රසායනාගාර පරීක්ෂණවලින් වෛරස් රෝග දෙක පිළිබඳ තහවුරු කර ඇත.

එම  වෛරස් රෝගයන් ක්ෂීරපායි සතුන් ඇතුළු මනුෂ්‍යයන්ටද බෝවීමේ අවදානමක් පවතින බව පැවසේ.

කිරි දෙනුන් 5000 ක් මේ වන විට ගෙන්වා ඇතැයිද තවත් කිරි දෙනුන් 20000ක් ගෙන්වීමට මෙසේ රජය මුදල් ගෙවා ඇතැයිද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

Sithara Sajeewani :