Posted on 02.14.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට ලංකාව හා රුසියාව අතර පැවැත්වෙන ආණ්ඩු අතර සංවාදයේ අවසන් අරමුණ ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් ලබාදීම බව මෙරට රුසියනා තානාපති යුරි මැටේරි පවසයි.
ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සහ පරිසරය හිතකාමි බලශක්තියක අවශ්‍යතාව සම්බන්ධ අවධානය සළකා බලනවිට මෙය අවශ්‍යවනු ඇති බව රුසියානු තානාපතිවරයා ස්පුට්නික් ජාත්‍යන්තර සඟරාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. ආර්ථික සහයෝගිතාව සහ දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධ දෙරටේ ඉලක්ක මත මෙවැනි අරමුණක් සාර්ථක කරගත හැකි බවද තානාපතිවරයා පවසයි. න්‍යෂ්ටික බලශක්තිය වෙනුවෙන් දීර්ඝකාලීන වැඩසටහනකට යාමට හැකිවනු ඇති බවද ඔහු එහිදී අපේක්ෂා පළකරයි.
ලෝකයේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ අවධානය ගිලිහෙමින්, වඩා පහසුවෙන් ස්වභාවික හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත උනන්දුවන සමයක න්‍යෂ්ටික බලය වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව රුසියානු ආණ්ඩුව සමඟ සාකච්ඡාකරන බව අනාවරණය වූ පළමුවැනි අවස්ථාව මෙයයි. රුසියානු න්‍යෂ්ටික බලශක්ති ආයතන ලෙස ‘රොසාටම්'(ROSATOM) සමග ලංකාවේ සාකච්ඡා ආරම්භ වූයේ 2017දී බවද තානාපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී හෙළිකර අැත. පසුගිය දිනවල රුසියානු විදේශ ඇමතිවරයා ලංකාවේ සංචාරයක නිරත වූ නමුත් මෙම කරුණ අනාවරණය නොවිණි.