Posted on 04.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහජන උපයෝගිතා කොමිෂන් සභාව(PUCSL) විසින් සිය අායතනික සීමාව ඉක්මවමින් පෞද්ගලික විදුලි උත්පාදක සමාගම් තුනකට අයත් සැපයුම් කොන්ත්‍රාත්තු වසර 4කින් දීර්ඝකර අැත.
පසුගිය මාසයේ වැඩ භාරගත් PUCSL නව සභාපති ජනක රත්නායක පවසා අැත්තේ අවම පිරිවැය ඉලක්කය සපුරා ගැනීම සඳහා අදාළ සැපයුම්කාර සමාගම්වල මිල ගණන් මත පදනම්ව මෙම තීරණය ගත් බවය.
මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සමග ඒ විදුලි සැපයුම් සමාගම් තුන රැස්වීමකට කැඳවනු ලැබ අැත. ජාතික විදුලිබල පද්ධතිය සඳහා මෙගාවොට් 170 නිපදවන මෙම සමාගම්වල කොන්ත්‍රාත්තු දින කිහිපයකින් අවසන් වීමට නියමිත වුවද මෙම රැස්වීමෙන් පසුව ඔවුන්ගේ ෙකාන්ත්‍රාත් වසර 4ක් දීර්ඝකර අැත.