ලංකාවේ අන්තර්ජාල සේවා පරිහරණය කරන්නන්ට සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් ‘ෆේස්බුක්‘ සමාගම සිය අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.
මේ වන විට ලෝකයේ වැඩිම ජනප්‍රියතාවයක් හිමිකරගෙන සහ වැඩිම ආදායම් වාර්තා පිහිටුවා ඇති ෆේස්බුක් සමාගම මෙරටදී සිය පාරිභෝගිකයන් අවහිර කිරීම සම්බන්ධ අවදානය යොමුකරමින් වෛරී ප්‍රචාර ගෙනයාම පිළිබද සිය ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන් පවතින බව අවධානයට ලක්කර ඇත. ලංකාවේදී අන්තවාදී ආකාරයට මෙවැනි ප්‍රචාර සදහා ෆේස්බුක් වෙබ් අඩවිය යොදාගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම සදහා ඉදිරියේදී ආණ්ඩුවේ සහාය ඉල්ලා සිටින්නට බලාපොරොත්තු වන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි.
මේ අතර පසුගිය බදාදා සිට මෙරට අන්තර්ජාල සේවා පරිහරණය කරන්නන්ට අවහිර කරන ලද සමාජ ජාලා අඩවි ඉක්මනින්ම නැවත පිවිසිය හැකි ලෙස නිදහස්කරන්නට හැකිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග හෙලිකරයි.