தமிழ்
English
Contact
Tuesday 11th May 2021    
ලංගම දුර ගමන් බස් සේවා නවතියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංගම දුර ගමන් බස් සේවා නවතියි



පළාත් අතර සංචරණ සීමා පැනවීමට ගත් තීරණය සමඟ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පවසයි.

මේ අතර අවශ්‍යතාවය මත අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බස් රථ ධාවනය සඳහා ඩිපෝ අධිකාරිවරුන් වෙත උපදෙස් ලබා දෙන බවද ඔහු වැඩිදුර සඳහන් කර තිබේ.