Posted on 09.18.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පවසයි.
ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන්ව කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි බව ද ඔහු පවසා ඇත.
මෙයින් අනෙකුත් වාහනවලටත් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකිවෙනු ඇතැයි මෙයින් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රමුඛතා බස් මංතීරුව ඇතුළුව මංතීරු නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුව අද පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.
කෙසේවෙතත් බස් මංතීරුවේ ම පමණක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනයට අනිවාර්ය කර තිබීම නිසා තමන් අපහසුතාවට පත්වන බවට රියදුරන් චෝදනා කරමින් පවතියි.