ඊයේ මොස්කව්හි ලුෂිනිකිහි ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන පාපන්දු ආරම්භක තරගයෙන් A කාණ්ඩය යටතේ පැවැති ප්‍රථම තරගයෙන් ජය ගැනීමට සත්කාරක රුසියානු කණ්ඩායම සමත්විය.
ඊයේ ආරම්භවූ මෙම තරගාවලියේ අවසන් තරගය ලබන මස 15 වන දින පැවැත්වේ. පුරා මාසයක් තිස්සේ ලොව පුරා අන්තර් ජාතික පාපාන්දු සම්මේලනයේ සාමාජිකත්වය දරන රටවල් 32ක කණ්ඩායම් මෙවර අවසන් තරග සදහා සුදුසුකම් ලබා ඇත.
ඊයේ පැවැති පළමු තරගය පැවැතියේ රුසියානු කණ්ඩායම හා සෞදි අරාබි කණ්ඩායම අතරය. තරගයේ ආරම්භයේ සිටම රුසියානු ක්‍රීඩකයෝ සිය ආධිපත්‍ය තරගය පුරාවටම තබා ගනිමින් සිය කණ්ඩායමට විශිෂ්ඨ ජාග්‍රහණයක් ලබා ගැනීමට සමත්විය. මෙම තරගයේදී සෞදි ආරබි කණ්ඩායමට එරෙහිව ගෝල 5-0ක් ලෙස ජය ගැනීමට රුසියානු පාපන්දු ක්‍රීඩකයෝ සමත්විය.
මෙම තරගය නැරඹීම සදහා රුසියානු ජනපති සමග සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන්ද සහභාගීවීසිටියහ. ආරම්භක උත්සවයෙන් අනතුරුව දෙරටේ නායකයින් පවසා තිබුනේ ශක්තිමත් කණ්ඩායම ජය ගනු අති බවයි.
මෙවර රුසියාවේ මෙම පාපන්දුතරගාවලියට එරෙහිව විවිධ මතවාද බටහිර රටවලින් එල්ලකරමින් තිබුනි. බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් පවසා තිබුනේ මෙවර මොස්කව් තරගාවලිය හිට්ලර් සමයේ බර්ලිනයේ පැවැති ඔලිම්පික් තරගාවලියට සමකරන බවයි.
මොස්කව්හි පැවැත්වෙන මෙවර ලෝක පාපන්දු කුසලාන තරගාවලිය අසාර්ථක කරවීමේ මහත් වෑයමක් රුසියානු විරෝධීන් විසින් ගෙන යන ලද අතර එම වෑයම ව්‍යර්ථ කරමින් රුසියාව සිය කටයුතු සාර්ථකව කරමින් සිටින බව ඊයේ පැවැති සමාරම්භක උළෙලෙන් දක්නට ලැබුනි.