தமிழ்
English
Contact
Tuesday 21st December 2021    
ලෝක තෙල් මිල පහළ යද්දී මෙරට තෙල් මිල ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක තෙල් මිල පහළ යද්දී මෙරට තෙල් මිල ඉහළට



ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 207කි.

ඩීසල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 121ක් සහ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87කි.

නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයෙහි ව්‍යාප්තිය හමුවේ ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල පහළ වැටී තිබේ.

ඒ අනුව, ඊයේ දිනය අවසන් වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 71.52ක් වශයෙන් සටහන් වූ අතර එය 2.72%ක අඩුවීමකි.

ඇමරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 68.23ක් වශයෙන් වන අතර එය 3.71%ක අඩුවීමක් පෙන්නුම් කර ඇත.