Posted on 04.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දෙවැනි කෝවිඩ් රැල්ල ඇති කිරීමට දායක වූ බ්‍රැන්ඩික්ස් සමාගම සඳහා ණය දීමේදී ලෝක බැංකුවට සේවක වෘත්තිය සමිති සිදුකළ බලපෑමෙන් සුබසාධන කොන්දේසි ඉටු කිරීමට බල කරනු ලැබ තිබේ.
ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව වෙතින් බ්‍රැන්ඩික්ස් සමාගම ලබාගැනීමට සූදානම් වූ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් සම්බන්ධව මේ ආකාරයෙන් මැදිහත්වීමක් සිදුකළ බව වෘත්තීය සමිති විසින් කරුණු දක්වා ඇත. අප්‍රේල් 08වැනිදා කොල්ලුපිටිය ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ පරිදි ඩාබිඳු සාමුහිකය, මානව විමුක්තිය උදෙසා සංවර්ධනය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, වාණිජ සහ කාර්මික සේවක සංගමය සහ නැව්කරුවන්ගේ ජාතික සංගමය යන වෘත්තිය සමිති එකතුව විසින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඉල්ලීම් සිදු කර තිබේ.
බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ඉල්ලා සිටි ණය අනුමත කරවා ගැනීම පිණිස සේවකයන්ට වෘත්තීය සමිති අයිතිය සහසැලසීම නිදහස , සෞඛ්‍ය පහසුකම් හා ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණු ඇතුලත්, පාරිසරික හා සමාජ සැලැස්මක් ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. මේ සඳහා බලපෑම් කිරීම පිණිස නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් මුලික ඉල්ලීම් තුනක් සිදු කර තිබේ. එනම්,