Posted on 02.22.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(සේයාරුව අන්තර්ජාලයෙන් – වතුකම්කරු කාන්තාවන් පිරිසක්) ඔ්ල්ටන් වතුයායේ සේවකයන් රු 1000ක අවම දෛනික වැටුපක් ඉල්ලා සිදු කළ විරෝධතාවකදී සිදුව ඇති සිදුවීමක් හේතුකොට ගෙන කම්කරු ක්රියාකාරින් ත්රස්තවාදින් ලෙස නම් කරමින් පොලිසියට පැමිණිලි කිරීමට වතු පාලකයන් කටයුතු කර ඇත.
පෙබරවාරි 3 වැනිදා මෙම වතු කම්කරු විරෝධතාව පවත්වන අතර කම්හලේ සේවය කළ කම්කරුවන් වර්ජනයට සහාය ලබාගැනීමට ක්රියාකිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිනිලි කරමින් වර්ජනයේ ඉදිරි පෙළ කම්කරුවන්ගේ නම් ලබාදී තිබිණි. එදින සිට වතු පාලකයන් ඉවත්කරන ලෙස ඉල්ලා සේවකයෝ වැඩ වර්ජනයක නිරතව ඇති අතර වැටුප් නොමැති තත්වය නිසා ඔවුන්ගේ පවුල් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.
පෙබරවාරි 18 වැනිදා වතු අධිකාරිවරයා හා සහකාර වතු අධිකාරිවරයා කම්කරුවන් දඩයමට සහාය පළකරන බවට චෝදනා කරමින් කම්කරුවෝ වතුයායේ ක්රිඩාංගනයට රැස්ව විරෝධතාවක නිරත වූහ. ඒ අතරතුර සිදුව ඇති සිදුවීමකදී පොලිසිය විසින් කම්කරු කාන්තාවන් 7 දෙනකු සහ පිරිමින් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. වතු අධිකාරිවරයා සහ සහකාර අධිකාරිවරයා විසින් ඒ විරෝධතාව අතරතුර කම්කරුවන් පිරිසක් විසින් තමන්ට හිරිහැර කළ බවට පොලිසියට පැමිණිල්ලක් පදනම් කරගෙනය. අත්අඩංගුවට ගත් 9 දෙනා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇත. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව මස්කෙලිය පොලිසිය පවසයි. ඔවුන් ත්රස්තවාදීන් ලෙස වතු අධිකාරි සංගමය විසින් හඳුන්වා දී ඇත.