Posted on 06.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වතු නිවාස ජනපදවල කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබීම නිසා පීඩාවට පත් වතු කම්කරුවන් සහන ඉල්ලා උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
මැයි 21 දින සිට හුදකලා කර තිබු හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරු පිරිසක් ජුලි 15 අගහරුවාදා උදෑසන එම වතු යායට පිවිසෙන ප්රධාන මාර්ගය අභියස දී විරෝධතා දැක්වුහ.
හුදකලාභාවය ඉවත් කළ එම ප්රදේශයේ විරෝධතා පැවැත්වු වතු කම්කරුවන් චෝදනා කරන්නේ රජය විසින් ලබා දෙන කිසිදු සහනාධාරයක් හෝ අඩු ආදායම්ලාභින්ට ලබා දුන් රුපියල් 5000 දීමනාව තමන්ට නොලැබුනු බවයි.
මාසයක කාලයක් රැකියාව කරන්නට පවා නොහැකි තත්වයක් ඇතිව දැඩි පීඩාවක් තමන්ට විඳින්නට සිදුව ඇති බව පවසන කම්කරුවෝ අනාවරණය කර තිබුනේ වතු යායේ පාලකයන් කම්කරුවන් වෙනුවෙන් කිසිවක් නොකළ බවයි.
කෙසේවෙතත්, සාමකාමී ලෙස විරෝධය දක්වන කම්කරුවන් වෙත පැමිණි වටවල පොලිසියේ නිලධාරින්, නිරෝධායන උපදෙස් වලට පටහැනිව උද්ඝෝෂණ සිදු නොකරන ලෙස අවවාද කර ඇත.