Posted on 06.24.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
මාර්තු මාසයේදී සූවස් ඇළ අවහිර කිරීම නිසා ඊජිප්තුවට සිදු වූ අලාභය වෙනුවෙන් ඩොලර් මිලියන 550ක වන්දි ගෙවීමෙන් පසුව Ever Given නැව නිදහස් කිරීමට ඊජිප්තු බලධාරින් සහ ජපන් ජාතික නැව හිමියා එකඟතාවකට පැමිණ තිබේ.
ටොන් 220,000 ක වෙළඳ ද්‍රව්‍ය රැගත් නෞකාව නිසා මාර්තු 23-29 දිනවල සූවස් ඇල මාර්ගයේ නෞකා ගමනාගමනය සම්පූර්නයෙන් අවහිර වීමෙන් සිදු කළ අලාභය වෙනුවෙන් ඊජිප්තුව ඩොලර් මිලියන 916ක වන්දියක් ඉල්ලා සිටින ලදී.
ඊජිප්තුවේ සූවස් කාර්ය මණ්ඩලය ඇතුළු ගැලවුම්කරුවන් විසින් දැවැන්ත නෞකාව නිදහස් කර මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ඊජිප්තුව මෙම නෞකාව සූවස් ඇළ මැද පිහිටි Great Bitter රඳවන ලදී.
මුල් වන්දි ඉල්ලීම අසාදාරණ බව පවසමින් ආරම්භක වශයෙන් නෞකාවේ හිමිකරු වන ෂෝයි කිසන් කයිෂා සහ එහි රක්ෂණ සමාගම් මුලින් ඩොලර් මිලියන 150 ක් ලබා දී තිබුණි.