ව්‍යවස්ථාදායක සභාව ළඟදීම පත් කරනවා – සම්බන්ධන්

රාජ්‍ය ක්ෂේත්‍රයේ සහ සහ ස්වාධීන කොමිෂන් සභාහි ප්‍රධාන තනතුරු සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත් කිරීම අවසන් කිරීමට අගමැති රනිල් වික්රමසිංහ සහ තමන් අතර ළඟදීම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසා තිබේ.

ඉහත සභාව සඳහා නිල බලයෙන් පත්ව සිටින කථානායක, අගමැති, විපක්ෂ නායක හැරුණු කොට අන් සියලු දෙනාගේ නිල කාලය සැප්තැම්බර් මස 07 දායින් අවසන් වූ අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණක් මේ වන විට පත් කොට ඇත. වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කෙරුණු අතර අගමැති, විපක්ෂ නායක නියෝජිතයන් මෙන්ම සුළු පක්ෂ නියෝජිතයාද පත් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අන්‍යොනය එකඟතාවයෙන් විසින් සිවිල් සමාජයේ සාමාජිකයන් තිදෙනෙකු ඇතුළු ඉතිරි 5 දෙනා නම් කළ යුතු ය.

අග්‍රාමාත්‍යවරයා නෝර්වේ සහ ලන්ඩන් නගරයට පිටත්ව යාමට පෙර ඔහු සමඟ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත් අගමැතිවරයා නැවත රටට පැමිණි වහාම ඒ පිළිබඳ නැවත සාකච්ඡා කිරීමට නියමිත බවත් ආර් සම්බන්ධන් ප්‍රකාශ කර තිබේ.

Sithara Sajeewani :